ජනාධිපතිවරුන්ගේ විදේශ සංචාර වියදම් ගැන ඇමති නලින්ද ජයතිස්සගෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

0
9

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේ මාස 26ක් තුළ විදේශ සංචාර 33ක් සඳහා රුපියල් මිලියන 1,010ක් වැය කර ඇති බවත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට සමාන කාලසීමාවක් තුළ විදේශ සංචාර 8ක් සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 31.7ක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදි, 2022 සැප්තැම්බර් 17 වන දින එක්සත් රාජධානියේ සිදු කළ සංචාරයේ සිට 2024 ජූනි 8 වන දින ඉන්දියාවේ සිදු කළ සංචාරය දක්වා වූ කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාර 33ක නිරත වී තිබේ. එම සංචාර සඳහා පුද්ගලයින් 421 දෙනෙකු ඔහු සමඟ එක්ව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට සාපේක්ෂව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුර කාලයේ මුල් මාස 26 තුළ සිදු කර ඇත්තේ විදේශ සංචාර 8ක් පමණක් බවත්, ඒ සඳහා රුපියල් මිලියන 31.7ක මුදලක් වැය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තවද, එම විදේශ සංචාරවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිසිදු අතිරේක දීමනාවක් හෝ ඒකාබද්ධ දීමනාවක් ලබාගෙන නොමැති බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here