ජනාධිපතිවරයා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා හමුවෙයි.

0
129

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුද්දීන් සහේබ් පියතුමා ඊයේ (10) හමුවී තිබේ.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික පරිවර්තනය සහ එකමුතුකම, අඛණ්ඩතාව සහ බෙදාගත් ප්‍රගතියේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ඇත.