චීනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හඳේ සාම්පලයක් පරිත්‍යාග කෙරේ

0
8

චීනයේ Chang’e-6 මෙහෙයුම මගින් චන්ද්‍රයාගේ අඳුරු (දුරස්ථ) ප්‍රදේශයෙන් එකතු කරගත් පස් සාම්පලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැති විශේෂ උත්සවයකදී සිදු කෙරුණු අතර, මෙලෙස චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයකින් ලබාගත් සාම්පලයක් ජාත්‍යන්තර සංවිධානයක් වෙත පිරිනැමූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA), වියනාහි එක්සත් ජාතීන්ගේ චීන ස්ථිර දූත මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ බාහිර අභ්‍යවකාශ කටයුතු කාර්යාලය (UNOOSA) එක්ව සංවිධානය කළ මෙම උත්සවයට ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීහු සහ විවිධ රටවල නිත්‍ය නියෝජිතයින් ඇතුළු 400කට අධික පිරිසක් එක්වූහ.

එහිදී CNSA පරිපාලක Shan Zhongde, වියනා UN කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Monica Juma, UNOOSA අධ්‍යක්ෂ Aarti Holla-Maini සහ චීන ස්ථිර නියෝජිත Li Song යන මහත්ම මහත්මීන් විසින් මෙම සාම්පලය නිල වශයෙන් එළිදැක්වූ අතර, එය ඉදිරියේදී වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here