ගර්භණී මව්වරුන්ට රුපියල් 5000ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම අද වැල්ලවත්තේදී.

0
185

NEWSNOW | –  ගර්භණී මව්වරුන්ට රුපියල් 5000ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම අද (16) වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදු කෙරේ.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් සඳහන් කළේ දිවයිනේ සියලුම ලියාපදිංචි මව්වරුන්ට එම වවුචර් පතක් ලබාදෙන බවයි.

ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය සඳහන් කළාය.