කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද යළි ඇරඹේ

0
208
NEWSNOW | – කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කෙරේ.
දුම්රිය දෙපාර්’තමේන්තුව පවසන්නේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්’ග සංවර්’ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්’ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවය.
ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ.
කොළඹ කොටුව – තලෙයිමන්නාරම
2024.11.12 දින සිට – කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15
තලෙයිමන්නාරම – කොළඹ කොටුව
2024.11.13 දින සිට – තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15