ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අත්තිකාරම් බදු අය කිරීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් රිට් නියෝගයක්

0
3

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු (APIT) අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගත් තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ඉදිරියේදී ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග හෝ තීරණයන්ට බාධාවක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කළ බව විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here