කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ, කලක සිට වසා දමා තිබූ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද (17) අලුයම 3.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, පැයක් පමණ කාලයක් තිස්සේ පැතිර ගිය ගින්න පාලනය කිරීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකයේ සහය ද ලබාගෙන ඇත.
මීට පෙර නේවාසික රෝගී වාට්ටුවක් ලෙස භාවිත කර නව ගොඩනැගිල්ලකට මාරු කර තිබූ මෙම ගොඩනැගිල්ලේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි සැක කෙරෙන අතර, ආරක්ෂක පියවරක් ලෙස අලුයම 4.00 ට පමණ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි. වාසනාවකට මෙන්, ගින්නෙන් කිසිදු ජීවිත හෝ පුද්ගල හානියක් සිදුව නොමැත.

