ඒකාබද්ධ පාසල් සංවර්’ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

0
208

NEWSNOW | – ඒකාබද්ධ පාසල් සංවර්’ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද(02) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේය.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.