එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23 කට අයත් පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකු දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම පීඩාවට පත් ජනතාව අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක පවුල් 23,048 කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකු වෙත පානීය ජලය බෙදා හැරීමට බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබේ.
මෙලෙස පානීය ජලය සැපයීමේ වැඩසටහනේ වැඩිම බලපෑමක් සහ අවශ්‍යතාවක් වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක පවුල් 10,264 ක පුද්ගලයින් 33,023 දෙනෙකුට ජලය ලබා දී ඇත.
ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 9,547 ක පුද්ගලයින් 28,523 දෙනෙකුට ද, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2 ක පවුල් 2,537 ක පුද්ගලයින් 7,882 දෙනෙකුට ද පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

