එටොරොෆු සංචාරයට ජපාන අග්‍රාමාත්‍යවරියගෙන් පුටින්ට දැඩි විරෝධයක්

0
3

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එටොරොෆු දූපතේ සිදුකළ සංචාරය තදින්ම හෙළා දකිමින් ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකායිචි මහත්මිය සිය දැඩි විරෝධය පළ කර තිබේ.

උතුරු ප්‍රදේශ ලෙස හඳුන්වන මෙම දූපත් සමූහය ඓතිහාසිකව මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුවද ජපානයට අයත් භූමියක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, පුටින්ගේ මෙම පියවර ජපානයේ නිල ස්ථාවරයට සහ ජනතාවගේ හැඟීම්වලට කළ තදබල අභියෝගයක් බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළාය.

යුක්‍රේන ආක්‍රමණයෙන් පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටී තිබූ පසුබිමක පවා සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ජපානය උත්සාහ කළ බව සිහිපත් කළ ඇය, මෙවැනි ක්‍රියා හේතුවෙන් ජපානය තුළ රුසියානු විරෝධී හැඟීම් තවදුරටත් තීව්‍ර වන බව සඳහන් කළාය.

මෙයින් මධ්‍ය හා දිගුකාලීනව දෙරට අතර සබඳතා ගොඩනැගීම තවදුරටත් සංකීර්ණ වන බැවින්, මෙම සිදුවීමේ ඇති බරපතලකම රුසියාව වටහා ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here