එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් ප්‍රධානී නවනීදම් පිල්ලේට 2026 නොබෙල් සාම ත්‍යාගය

0
14

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ වෙත 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වී තිබේ.

ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය විසින් ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගයමින් මෙම ගෞරවනීය සම්මානය පිරිනැමූ බව නෝර්වේජියානු නොබෙල් කමිටුවේ සභාපති යෝර්ගන් වට්නේ ෆ්‍රයිඩ්නෙස් නිවේදනය කළේය.

ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම පුළුල් කිරීමට නාවි පිල්ලේ කටයුතු කර ඇති බවත්, සුවිශේෂී ධෛර්යයකින් යුතුව වඩාත් සාධාරණ ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැඟීමට ඇය පෙරමුණ ගත් බවත් නොබෙල් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේ පැවති දැඩි ජාතිවාදී සහ ලිංගික වෙනස්කම් කිරීම් හමුවේ නොසැලී නීතිඥවරියක ලෙස සිය සේවය ආරම්භ කළ ඇය, මෙතෙක් ආ ගමන පුරාම ප්‍රබල පරමාදර්ශී හා ස්ථිර නීතිමය මූලධර්ම සමුදායක් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ඇයගේ දිර්ඝ කාලීන සේවය අගයමින් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here