ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) සිව් දෙනෙකු

0
235

NEWSNOW| –   ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) සිව් දෙනෙකු එකවර පත් කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම උසස්වීම් අනුමත කර ඇත.

ඒ අනුව, දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිෂානි සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

ඔවුන්ගෙන් තිදෙනෙකු 1997 දී පුහුණු උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් විය.