ඇෆ්ගනිස්ථානයේ දැරියන් මිලියන 2.4කට අධ්‍යාපනය අහිමි වී ඇති බවට යූනෙස්කෝවෙන් හෙළිදරව්වක්

0
5

තලෙයිබාන් සංවිධානය නැවත බලයට පැමිණ වසර පහක් සපිරීමට ආසන්නව පවතින පසුබිමක, 2021 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ ද්විතීයික අධ්‍යාපනය හදාරන දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) නිල වශයෙන් නිවේදනය කරයි.

ලොව පුරා විවිධ රාජ්‍යයන් තලෙයිබාන් පාලනය සමඟ අන්තර්ජාතික සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළද, කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලැබීම නිල වශයෙන් තහනම් කර ඇති එකම රට ඇෆ්ගනිස්ථානය බව යූනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here