20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ අද (21) පැවැති පිරිමි කිලෝග්රෑම් 70 බර පන්තියේ බොක්සිං මූලික වටයේ තරගයකදී ශ්රී ලංකාව නියෝජනය කළ ලහිරු චන්ද්රබණ්ඩාර ජයග්රහණය හිමිකර ගැනීමට සමත් විය.
යේමන ක්රීඩකයාට එරෙහිව වට 4-1ක ප්රබල තරගයකින් අනතුරුව මෙම ජයග්රහණය වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, අද දිනයේ පැවැති සෙසු ක්රීඩා ඉසව්වලදී ශ්රී ලංකාවට ජයග්රහණ හිමි නොවූ බව ද වාර්තා වේ.

