අනෝජන්ව බේරාගන්න ඉන්දීය සහ අමෙරිකානු තානාපති කාර්යාලවලට ඉල්ලීම්

0
17

සෞදි අරාබියේදී මරණදඬුවම හිමිව සිටින සිවරාජා අනෝජන් නැමැති ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා දෙස් විදෙස් මට්ටමින් පුළුල් මැදිහත්වීම් රාශියක් ඇරඹී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඊයේ (23) මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් මේ සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා පැවසීය.

මීට අමතරව, ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් මාලදිවයිනට ගොස්, සෞදි අරාබිය සමඟ සමීප සබඳතා පවත්වන එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා හමුවී සහාය ඉල්ලා ඇති අතර, ඉදිරි දිනවලදී ඔවුන් සෞදි අරාබිය බලා පිටත්ව යාමට ද නියමිතය.

මේ අතර, අදාළ තරුණයා බේරාදෙන ලෙස ඉල්ලමින් ඊයේ රාත්‍රියේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පහන් දල්වා සත්‍යග්‍රහයක් ද පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here