දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැක.
මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

