අදත් සවස් වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

0
27

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක. එසේම මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවිය හැකිය. එබැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here