අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සොනාල් දිනූෂ තේරී පත්වෙයි

0
18

2026 අගෝස්තු මාසයේ ICC මාසයේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සොනාල් දිනූෂ තේරී පත්වී තිබේ. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඉන්දියාවට එරෙහිව පැවැති ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද විශිෂ්ට පිතිහරඹය මීට හේතු විය.

එහිදී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් 140ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලකුණු 420ක් රැස් කිරීමට ඔහු සමත් විය. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 100ක් සහ 84ක් ලැබූ දිනූෂ, දෙවන ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක (103 සහ නොදැවී 133) රැස් කරමින් ශ්‍රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මූලිකත්වය ලබා දුන්නේය.

පසුගිය වසරේ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ සොනාල් දිනූෂ, ටෙස්ට් තරග 3කට පමණක් ක්‍රීඩා කරමින් ඉතා කෙටි කාලයකදී දක්වා ඇති මෙම දක්ෂතාව විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here