හිටපු ජනපතිගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කෙරේ

0
232

NEWSNOW | – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.

එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත භාරදී ඇත.

ඒ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දීය.