හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

0
14

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකළ දූෂණ නඩුවකින් වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) තීන්දු කළේය.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලියට පැමිණි දේශපාලන ආධාරකරුවන්ට ආහාර සංග්‍රහ කිරීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000ක මුදලක් මාරවිල පිහිටි පෞද්ගලික ආයතනයකට ගෙවීමට එවකට විධායක නිලධාරියා පොළඹවා ගැනීම ඔහුට එරෙහිව පැවති අධිචෝදනාව වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here