හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 30ක් පමණ ජලයෙන් යට වෙයි

0
7

හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යට වී තිබේ. මෙම නිවාස තුළ අඩි 3ත් 4ත් අතර උසකට වැසි ජලය සහ මඩ එකතු වී ඇති අතර, එහි සිරවී සිටි පිරිස් ප්‍රදේශවාසීන්ගේ දැඩි පරිශ්‍රමයක් මත ආරක්ෂිතව මුදාගැනීමට සමත්ව ඇත.

හැටන් ඔයට ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා දිගු කලක සිට මෙම ප්‍රදේශයේ නිවාස නිතර මෙලෙස ආපදාවට ලක්වන බව පදිංචිකරුවෝ පෙන්වා දෙති.

මේ අතර, වැසි ජලය සහ මඩ ගැලමීම හේතුවෙන් නිවාසවල තිබූ වටිනා පෞද්ගලික බඩුභාහිරාදිය සහ දේපළ රැසක් ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පීඩාවට පත් ජනතාව කණගාටුවෙන් ප්‍රකාශ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here