“සාමය සහ සහජීවනය උදෙසා එක්වන මඟ. මොහිදීන් ජුම්මා මස්ජිද් සංවිධානයෙන් අර්ථවත් වැඩසටහනක්”

0
21

“අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” යන උතුම් තේමාව පෙරදැරි කරගනිමින්, 2026 නොවැම්බර් 12 වන දින විශේෂ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.

ශ්‍රී ලංකාව තුළ වාර්ගික හා ආගමික සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ප්‍රාදේශීය සභා සභාපති සහ නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, මහජන නියෝජිතයන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, සෞඛ්‍ය අංශ නියෝජිතයන්, ව්‍යාපාරිකයන් මෙන්ම වෙළඳසැල් හිමියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 400කට අධික පිරිසක් සහභාගී වූහ.

මොහිදීන් ජුම්මා මස්ජිද් භාරකාර මණ්ඩලයේ සහ හිතවතුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙන්ම ‘නිඩා’ පදනමේ (Nida Foundation) සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, ඉස්ලාම් ආගම පිළිබඳ සමාජයේ පවතින වැරදි වැටහීම් සහ සැකයන් දුරු කරමින් නිවැරදි හා ගැඹුරු අවබෝධයක් ජනතාව වෙත ලබා දීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here