ස්පාඤ්ඤයේ උග්‍ර නිවාස අර්බුදයට එරෙහිව සේවකයින්ගෙන් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක්

0
5

ස්පාඤ්ඤය තුළ දැඩි ලෙස උත්සන්න වී ඇති නිවාස ගැටළුවට එරෙහි විරෝධයක් ලෙස, එරට සේවකයින් අද (නොවැම්බර් 11) පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, වසර 14 කට පසු ස්පාඤ්ඤයේ ප්‍රධානතම වෘත්තීය සමිති වන UGT සහ CCOO ඇතුළු අනෙකුත් කම්කරු සංවිධාන මෙන්ම කුලී නිවාස හිමියන්ගේ සංගම් ද එකතු වී මෙම වැඩවර්ජනය සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දී ඇත.

නිවාස කුලී අහස උසට ඉහළ යාම සහ නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම් බහුල වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව, ජීවන වියදමට ගැළපෙන යහපත් නිවාස පහසුකම් ලබාගත හැකි වැටුප් මට්ටමක් ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා විශාල පිරිසක් වැඩවර්ජනයට එකතු වී විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වෙමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත්, මැඩ්රිඩ් නුවර පිහිටි ‘Mercamadrid’ ප්‍රධාන තොග වෙළෙඳපොළ පිවිසුම අසලදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් සහ ගැටුම් හටගෙන ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here