සපත්තු තුළ මත්ද්‍රව්‍ය සඟවා වැලිකඩට ගෙනගිය බන්ධනාගාර නියාමක අත්අඩංගුවට

0
10

සපත්තු තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරය තුළට ගෙනයාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසලදී සිදුකළ හදිසි පරීක්ෂාවකදී, සැකකාර නිලධාරියා පැළඳ සිටි සපත්තු තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් ග්‍රෑම් 16.7ක් සොයාගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු ස්ථානයට පැමිණි බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරයට ගෙන ඇති අතර, බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here