උස්බෙකිස්තාන-මත්තල සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි

0
19

උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air ගුවන් සමාගම, ටෂ්කන්ට් අගනුවර සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) අතර සෘජු ගුවන් ගමන් සේවා ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කළේය.

මෙම නව ගුවන් සේවය ක්‍රියත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ මධ්‍යම ආසියාව අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, මෙරට සංචාරක කර්මාන්තයට ද නව අවස්ථා රැසක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මංගල ගුවන් ගමනින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි උස්බෙකිස්තාන ජාතික සංචාරකයන් ඇතුළු විදේශීය මගීන් පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කර තිබිණි.

2026-2027 සංචාරක වාරය ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇති මෙම ගුවන් සේවය සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම සෘජු ගුවන් සම්බන්ධතාව හරහා උස්බෙකිස්තාන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටත්, දෙරට අතර සංචාරක, ආර්ථික සහ සංස්කෘතික බැඳීම් තවදුරටත් පුළුල් කර ගැනීමටත් මගපෑදෙනු ඇත.

මේ අතර, අයිට්කන් ස්පෙන්ස් (Aitken Spence PLC) සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ‘රෝයල් ස්පෙන්ස් ඒවියේෂන්’ (Royal Spence Aviation) සමාගම ශ්‍රී ලංකාව තුළ ‘Centrum Air’ ගුවන් සේවයේ ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස පත් කරනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here