සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි

0
5

ඉන්දුනීසියාවේ ‘අනක් ක්‍රකටෝවා’ (Mount Anak Krakatau) ගිනි කන්ද සක්‍රිය වීමත් සමඟ වායුගෝලයට එකතු වූ අධික අළු ධූලි වලාකුළු හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් වාර කිහිපයක් තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (07) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ කොළඹ සිට ජකර්තා දක්වා (UL 364) සහ ජකර්තා සිට කොළඹ දක්වා (UL 365) ගුවන් වාර මෙලෙස අවලංගු කර ඇති බව නිවේදනය කෙරේ.

ගිනි කන්දෙන් නිකුත් වන අවදානම් සහිත අළු පටලය හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, මේ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් වාර රැසකට ද බාධා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here