ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හැරේ

0
9

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජාතික ඉදිකිරීම් බැංකුවට අයත් රුපියල් මිලියන 10 ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇයව අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම නඩුවට අදාළව අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය නිකුත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here