ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට එරෙහි විමර්ශනයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

0
21

පසුගිය ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහත්වරුන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ විමර්ශන ඇරඹීම තුළින් එවකට සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ එකඟතාව සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

එම තීන්දුවට අනුව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කළ ද්වේෂ සහගත එකක් බව අධිකරණය විසින් තීන්දු කරන ලදී. ඒ අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙස අදාළ පැමිණිල්ල සිදුකළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාටත්, රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙස එම විමර්ශනය මෙහෙයවූ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here