පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී අද (09) ආරම්භ වන ශ්රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්විය. ඒ අනුව, තණතීරුවේ ස්වභාවය සලකා බැලූ ශ්රී ලංකා නායකයා ප්රථමයෙන් පන්දුවට පහර දෙන ලෙස පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.
මෙම තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්රනාන්දු සහ දිල්ෂාන් මධුශංක යන ක්රීඩකයින්ගෙන් සමන්විත වේ.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් (නායක), අසාන් අවයිස්, තය්යබ් අරිෆ්, මොහොමඩ් තහා, සවුද් ශකීල්, සල්මාන් අගා, ගාසි ගෝරි, අරෆත් මිංහාස්, රසාඋල්ලා, මොහොමඩ් අබ්බාස් සහ සාකිබ් ඛාන් යන ක්රීඩකයින් මෙම තරගයට එක්ව සිටිති.

