ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉවත් වෙයි

0
13

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා වගකීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජාතික තේරීම් කමිටුව වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට මීළඟ පරම්පරාවට කාලය එළඹ ඇති බව තමා විශ්වාස කරන බවයි.

“නායකත්ව වගකීම මීළඟ පරම්පරාවට පැවරිය යුතු බව මගේ අවංක අදහසයි,” යැයි ධනංජය ද සිල්වා පවසා තිබේ.

නායකත්වයෙන් ඉවත් වුවද, ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමා තවදුරටත් සූදානම් බව ඔහු තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඔහු ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්තූතිය පුද කර ඇති අතර, ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඉතිරි කාලය සාර්ථක වීමට ප්‍රාර්ථනා කරයි.

“අපගේ ටෙස්ට් කණ්ඩායමට ඔහු ලබා දුන් නායකත්වය වෙනුවෙන් ස්තූතිවන්ත වන අතර, ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉතිරි කාලය සාර්ථක වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබ පතනවා,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ජාතික සංචිතය සඳහා ධනංජය ද සිල්වාගේ අඛණ්ඩ සහභාගීත්වය අපේක්ෂා කරන බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

නව ටෙස්ට් නායකයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here