ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය, නියාමනය සහ පරිපාලනය ව්‍යුහාත්මකව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ජූනි 8 වන දින අමාත්‍ය මණ්ඩලය දුන් තීරණයකට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.
යහපාලනය, විනිවිදභාවය, සුපිළිපන්නභාවය සහ වගවීම තහවුරු කරමින්, ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් හා අනිසි ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නීතිමය බලතල සපයන මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි විය.

