ශ්‍රී ලංකාව ආසන්නයේ වූ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

0
3

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනෙන් ඉවත්ව බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, එම පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, එම ප්‍රදේශවලින් සමහරකට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here