ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක බැංකු සමූහයෙන් දිගුකාලීන රුපියල් මූල්‍ය පහසුකම්

0
2

ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන විදේශ විනිමය අවදානම අවම කරමින්, පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රයන්හි නව පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා රුපියලෙන් දිගුකාලීන මූල්‍ය පහසුකම් සැපයීමේ අවස්ථා පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය කටයුතු කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය (World Bank Group Treasury) මැදිහත්වීමෙන්, පෞද්ගලික අංශයේ සංවර්ධනය වෙනුවෙන් කැප වූ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC Sri Lanka අතර සය අවුරුදු ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකමක් ස්ථාපිත කර තිබේ.

ආසියානු කලාපයේ සිදු වූ මෙවැනි ප්‍රථම ගනුදෙනුව ලෙස සැලකෙන මෙය, IFC ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් ප්‍රථම ණය ගැනීමේ මාර්ගය ද වන අතර, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5කට සමාන ස්ථාවර පොලී අනුපාත පහසුකමකි.

මෙම මූල්‍ය පහසුකම ඔස්සේ දැනටමත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙත දිගුකාලීන මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති අතර, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය මඟින් සම්පාදනය කළ අතිරේක දේශීය මුදල් අරමුදල් ද ඒකාබද්ධ කරමින් තවත් සුවිශේෂී පියවරක් ගෙන තිබේ.

ඒ අනුව, මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගම වෙත අමෙරිකානු ඩොලර් මිලියන 10ක වටිනාකමකින් යුත් වසර 10ක රුපියල් ණයක් පිරිනැමීමට IFC ආයතනය සමත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here