ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට අනුව මෙරට නිල දරිද්‍රතා රේඛාව ජුනි මාසය වන විට රුපියල් 17,592 දක්වා ඉහළ ගොස් ඇත. මෙය මැයි මාසයේ පැවැති අගයට සාපේක්ෂව රුපියල් 277ක වැඩිවීමකි.
පුද්ගලයෙකුට තමන්ගේ මූලික ජීවන අවශ්‍යතා ඉටු කරගැනීම උදෙසා මාසයකට වැයවන අවම පිරිවැය මෙම නිල දරිද්‍රතා රේඛාව මඟින් නිරූපණය කෙරේ.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී, වැඩිම දරිද්‍රතා රේඛා අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,973කි. ඊට දෙවැනිව ගම්පහ දිස්ත්‍රික්කයේ අගය රුපියල් 18,876ක් ලෙස සටහන් වේ. මෙරට අඩුම දරිද්‍රතා රේඛා අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය සටහන් වන්නේ රුපියල් 16,821ක් ලෙසයි.

