විදේශීය ආයෝජකයින්ගෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වෙත වාර්තාගත මුදල් ප්‍රවාහයක්

0
6

ඉන්දීය කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශීය ආයෝජකයින්ගේ අවධානය යළි දැඩි ලෙස යොමුවී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මාසය තුළ පමණක් ඔවුන් විසින් ඩොලර් බිලියන 9.53ක ඉන්දීය කොටස් මිලදී ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඕනෑම මාසයක් තුළ විදේශීය ආයෝජකයින් විසින් වාර්තා කළ ඉහළම ආයෝජන අගය මෙය වේ.

බොරතෙල් මිලෙහි සිදුවූ වෙනස්වීම්, සමාගම්වල ශක්තිමත් මූල්‍ය ඉපැයීම් මෙන්ම ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස්වලින් ආයෝජකයින් ඉවත් වීම යන කරුණු මෙම නව ප්‍රවණතාවට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

ඉන්දියානු ජාතික සුරැකුම්පත් තැන්පතු ආයතනයේ දත්ත පෙන්වා දෙන්නේ, දේශීය බැඳුම්කර වෙත ගලා ආ මුදල් ද සමඟින් සඳුදා ගනුදෙනු අවසන් වන විට මේ මස තුළ පමණක් ඉන්දියාවට ලැබී ඇති සමස්ත විදේශීය ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 10.33ක් බවයි.

සමාගම්වල අධික තක්සේරු මිල ගණන් සහ ඉහළ තෙල් මිල වැනි හේතූන් මත විදේශීය ආයෝජකයින් විසින් 2025 වසරේදී ඩොලර් බිලියන 18.91ක සහ මේ වසරේ ඔක්තෝබර් දක්වා ඩොලර් බිලියන 31.41ක ඉන්දීය කොටස් තොග ඉවත් කරගෙන තිබූ පසුබිමක් තුළ, මෙම හදිසි ආයෝජන ප්‍රබෝධය මතුවීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here