ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා එහි බලපෑම ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි සහිතව විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

