වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

0
7

ශ්‍රී ලංකාවෙන් ආරම්භ වී චීනය හරහා වර්තමාන කැනඩාව දක්වා විහිදී ගිය වසර 1,600ක භික්ෂුණී ශාසන පරම්පරාවේ ඓතිහාසික ගමන සහ බෞද්ධ කාන්තා නායකත්වය ඇගයීම වෙනුවෙන් චීන ජාතික ආයා ආලෝකා තෙරණිය එළඹෙන ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ විශේෂ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙහෙණි සසුනේ දශකයකට වැඩි නායකත්ව පළපුරුද්දක් ඇති, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක ද වන උන්වහන්සේගේ මෙම සංචාරය කැනඩා බෞද්ධ දූත මණ්ඩලය (Buddhist Embassy) සහ බෞද්ධ උරුම මාසය එක්ව සංවිධානය කරනු ලබයි.

ක්‍රි.ව. 433දී දේවසාරා තෙරණිය ප්‍රමුඛ ලාංකේය භික්ෂුණී දූත පිරිස නැන්ජිං නුවරදී චීන කාන්තාවන් 300කට අධික පිරිසකට උපසම්පදාව ලබා දෙමින් චීන භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමේ ඓතිහාසික සිදුවීමට වසර 1,600ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම සංචාරයේදී, ඔටාවා සහ ටොරොන්ටෝ නගරවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා බෞද්ධ ප්‍රජාව හමුවී ආධ්‍යාත්මික හා සමාජීය දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here