වසර 16කට පසු පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සංචාරයක

0
14

වසර 16කට පසුව පෝලන්ත අග්‍රාමාත්‍යවරයෙකු විසින් සිදුකරන පළමු ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින්, පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් මහතා නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ.

එම සංචාරයට සමඟාමීව, ඔහු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සංචාරයට එක්ව සිටින පෝලන්ත මුදල් අමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ඩොමන්ස්කි ‘The Indian Express’ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, තම රටේ ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රය ඉන්දියාව සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට දැඩි අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඉහළ ප්‍රමිතියෙන් යුත් යුධ උපකරණ සාධාරණ මිල ගණන් යටතේ ඉන්දියාවට සැපයීමට පෝලන්තයට පූර්ණ හැකියාව ඇති බවද හෙතෙම පෙන්වා දී ඇත.

එමෙන්ම, පෝලන්තය යනු වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින කේන්ද්‍රස්ථානයක් මෙන්ම, ඉන්දීය ව්‍යාපාරිකයන්ට යුරෝපීය වෙළඳපොළට පිවිසීම සඳහා ඇති ප්‍රධාන දොරටුවක් බවද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here