වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි

0
10

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත රෝගීන් 90,306 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම කාලසීමාව තුළ දිවයින පුරා සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 65ක් වන අතර, එහි රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. මෙම වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,973කි. එමෙන්ම, අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් රෝගීන් 4,959 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇත.

භූගෝලීය ව්‍යාප්තිය සැලකීමේදී, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.96ක්, එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,361ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, ඉන් රෝගීන් 19,204 දෙනෙකු හඳුනාගෙන තිබේ. අනෙකුත් දිස්ත්‍රික්ක අතරින් කොළඹින් රෝගීන් 17,955ක්ද, මහනුවරින් 6,413ක්ද, මාතරින් 5,971ක්ද සහ කළුතරින් රෝගීන් 5,871ක්ද ලෙස වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here