ලෝක වෙළෙඳපොළේ රන් මිල වසරකට පසු පහළම අගයට

0
10

ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ එරට පොලී අනුපාත ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාවන් හේතුවෙන්, අද (18) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල 2%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටි තිබේ.

2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු රන් මිල වාර්තා කළ අවම අගය මෙය වන බව රොයිටස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව, අද දින ස්පොට් රන් අවුන්සයක මිල 1.9%කින් පහළ බැස ඇමරිකානු ඩොලර් 3,777.83ක් ලෙස සටහන් වූ අතර, දෙසැම්බර් මාසය සඳහා වන ඇමරිකානු රන් අනාගත ගිවිසුම් මිල 2.2%කින් අඩුවී ඩොලර් 3,779.50ක් ලෙස සටහන් විය.

මීළඟ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඉඟි ලබා ගැනීම සඳහා ආයෝජකයින් මේ වන විට ඇමරිකානු ෆෙඩරල් මහ බැංකු රැස්වීමේ වාර්තා නිකුත් වන තෙක් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here