2031 වසර දක්වා පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) සඳහා පෙර පරිදිම කණ්ඩායම් 9ක් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, 2027-29 සහ 2029-31 යන ඉදිරි ටෙස්ට් ශූරතා තරගාවලි සඳහා ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන කණ්ඩායම් තවදුරටත් එක්වනු නැත.
මෙම තරගාවලිය ලීග් ක්‍රම දෙකක් යටතේ පැවැත්වීම සහ අදාළ රටවල් ඊට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුළුල් ලෙස සාකච්ඡා කර තිබිණි. අයි.සී.සී. ක්‍රියාකාරී කමිටු ප්‍රධානියා වන නවසීලන්තයේ රොජර් ට්වෝස් විසින් මෙම කණ්ඩායම් ද ඊට සහභාගී කරවා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, පසුගිය සෙනසුරාදා (14) පැවති පැය හතරකට අධික ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දැඩි විවාදයක් ද හටගෙන ඇත.
කෙසේ වෙතත්, අවසානයේදී ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත්තේ දැනට පවතින කණ්ඩායම් 9ක ආකෘතියම ඉදිරියටත් පවත්වාගෙන යාමටය.

