ලිට්‍රෝ ගෑස් මිල පහළට

0
1

අද (05) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,365ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 1,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එම  මිල රුපියල් 815ක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here