ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟ රයිස්, කොත්තු සහ කෙටි කෑම මිල ගණන් ඉහළට

0
8

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ගණන් ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව, කෙටි කෑම වර්ගයක මිල රුපියල් 5කින් ද, රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් ද වැඩි කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණි. එම මිල වැඩිවීමට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් සහ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here