ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

0
9

2027 වසරේ සිට සියලුම පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීම සඳහා නව විෂයක් හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත.

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවති සීනුව නාද කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය පෙන්වා දී ඇත්තේ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා ‘Stock Market Game’ සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි වැඩසටහන් දැනටමත් දියත් කර ඇති බවය.

කෙසේ වෙතත්, මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් තොරව, වගකීමෙන් සහ සදාචාරාත්මකව මෙන්ම ආචාරධර්මවලට අනුකූලව මුදල් උපයා ගැනීමේ වැදගත්කම තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here