රුමේෂ් තරංගගේ උපකරණ හානියට Turkish Airlines වෙතින් කනගාටුව පළ කරයි

0
20

ලෝක ශූර රුමේෂ් තරංග මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදු වූ හානිය පිළිබඳව Turkish Airlines ආයතනය සිය කනගාටුව පළ කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැති විශේෂ සාකච්ඡාවකදී, අදාළ ගුවන් සමාගමේ නියෝජිතයින් විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, සිදුවූ හානිය පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් සහ නිසි ඇගයීමක් සිදු කිරීමටත්, ක්‍රීඩකයාට සිදු වූ අලාභය කඩිනමින් වන්දි වශයෙන් ලබා දීමටත් තීරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here