රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට

0
14

අනුරාධපුරයේ පැවති සත්‍යග්‍රහ උද්ඝෝෂණයක් අතරතුර අශෝභන ලෙස හැසිරුණු බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.

අද (18) අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිසිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රශ්න කර ඇත.

නොවැම්බර් 12 වන දින අනුරාධපුර පූජා භූමියේ රුවන්වැලි මහා සෑය අසල පැවති උද්ඝෝෂණ ස්ථානයකදී ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

බලංගොඩ කස්සප හිමියන් සහ තවත් පිරිසක් මාරාන්තික උපවාසයක නිරතව සිටි ස්ථානයට, රාජාංගනයේ සද්ධාරතනන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැමිණීමත් සමඟ එහි තත්ත්වය උණුසුම් විය.

එම කණ්ඩායම් දෙක අතර ඇති වූ වාද විවාද පසුව ගැටුමක් දක්වා වර්ධනය වූ අතර, එහිදී සද්ධාරතනට හිසට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

ඉන් අනතුරුව පොලිසිය මැදිහත් වී බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here