යෝෂිතට සහ වසන්ත කරන්නාගොඩට එරෙහි අල්ලස් නඩුව නොවැම්බර් 23 කැඳවීමට නියෝග

0
15

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුව, විභාගය සඳහා එළඹෙන නොවැම්බර් මස 23 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබේ.

අදාළ නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නිසි සුදුසුකම් සපුරා නොමැති පසුබිමක යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ විශේෂ පුහුණුවක් සඳහා යැවීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here