යුද අපරාධ චෝදනාවලට කොසෝවෝ හිටපු ජනාධිපති හෂීම් තාචිට වසර 25ක සිරදඬුවමක්

0
2

1990 දශකයේ පැවැති සන්නද්ධ අරගල සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කොසෝවෝ හි හිටපු ජනාධිපති හෂීම් තාචිට කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය විසින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

කොසෝවෝ විමුක්ති හමුදාවේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් පුද්ගලයන් නීති විරෝධී ලෙස අත්අඩංගුවේ තබා ගැනීම, වධහිංසා පැමිණවීම මෙන්ම දේශපාලන ප්‍රතිවාදීන් සහ සර්බියානු හමුදාවන්ට සහාය දැක්වූයේ යැයි සැකකෙරෙන පුද්ගලයන් 96 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් 58 හැවිරිදි වියේ පසුවන තාචි වරදකරු වී ඇත.

කෙසේ වෙතත්, මෙම සමස්ත නඩු විභාගය පුරාම තමන්ට එරෙහිව එල්ල වූ සියලුම චෝදනා හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here