මේ තමයි ගේම් චේන්ජින් වැඩ – හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලන්සූරිය මෙට්‍රො බස් සේවය ගැන කියයි.

0
7

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මෙට්‍රො බස් රථ සම්බන්ධයෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලන්සූරිය මහතා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

එහි මෙසේ දැක්වේ,

මම පහුගිය දවස් කීපයේම පාරෙ දුවන මෙට්‍රෝ බස් ගැන ටිකක් උනන්දුවෙන් බැලුවා.

බස් ඇතුළේ මගීන් පොත් කියවනවා. සමහරු ලියන කියන වැඩ පවා කරනවා දැක්කා. සමහරු ලැප්ටොප් දිග ඇරගෙනත් වැඩ. ඩ්‍රැයිවර් මල්ලි කැමති මළ අඳෝනා සිංදු ඇහෙන්නෙ නැති එකම ලොකු දෙයක්.

රේස් නෑ. පශ්චාත් භාගය කැඩිච්ච කඩියො වගේ බස් එළවන රියදුරෝ නැහැ. රේස් නැතත් මෙට්‍රෝ බස්වල සෙනග.

කොළඹ ත්‍රීවීලර් බිස්නස් එක සියයට තිහකින් හතළිහකින් අඩුවෙලා කියලා කෙනෙක් කීවා. ඒකෙන් වෙන්නෙ ත්‍රීවීල් සංස්කෘතියට යොමුවුණු තරුණ ශ්‍රම බලකාය වඩාත් ඵලදායී දේකට යොමුවීමයි.

පුරවැසියාගේ ජීවන මට්ටම ඉහළ දාන්න මේ වගේ පියවර ඉතාම වටිනවා. මේකට විරුද්ධව කොච්චර ගේම ඉල්ලන්න හැදුවත් ඒවා සාර්ථක වෙන්නෙ නැත්තේ මේවා අතිශය ජනප්‍රිය වැඩ නිසා.

හැබැයි පටන් ගත්ත කොලිටිය ඒ විදියටම පවත්වා ගන්න එක ලොකු අභියෝගයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here