මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවහනේ 73 වැනි වාර්ෂික මීලාද් තරගාවලි සැමරුම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ

0
3

මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවහන (MICH) විසින් සංවිධානය කරන ලද 73 වැනි වාර්ෂික මීලාද් තරගාවලි සැමරුම් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ, වැල්ලවත්ත, ලිලී මාවතේ පිහිටි ෂෙයිකා ෆාතිමා ගොඩනැගිල්ලේ A.A.M. මර්ලීන් ශාලාවේදී පැවැත්විණි.

මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවහනේ සභාපති ඕමාර් කාමිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගුට් (Semih Lutfu Turgut) මහතා සහභාගී වූ අතර, එතුමා විසින් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.

2026 වසරේ හිෆ්ල් (Hifl – කුර්ආන් කටපාඩම් කිරීමේ), කථික, බහුමාධ්‍ය ඉදිරිපත් කිරීම් සහ අක්ෂර කලා (Calligraphy) යන තරග සඳහා සියලුම භාෂා මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් 67 දෙනෙකු මෙහිදී ත්‍යාග ලබා ගත්හ.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමාණන්ට (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ගෞරවය දැක්වීම යන තේමාව යටතේ කථික තරග ජයග්‍රාහකයින් විසින් මෙහිදී සභාව අමතනු ලැබීය. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් තරග කළ එම්.එන්.එෆ්. නුෂා මෙනවිය, ඉංග්‍රීසි මාධ්‍යයෙන් තරග කළ ග්නෙයි අමීරා හමීඩ් මෙනවිය සහ දෙමළ මාධ්‍යයෙන් තරග කළ නෆීස් මුබාරක් සහ එම්.එස්. මයිමූනා යන සිසු සිසුවියෝ සිය කථා පැවැත්වූහ.

මෙම අවස්ථාවට මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවහනේ සම ලේකම්වරුන් වන හනීෆා ඉෂාක් සහ රිමාස් සලීම්, සම භාණ්ඩාගාරිකවරුන් වන ෆරීන් ගවුස් සහ සියාම් කාමිල් යන මහත්වරුන් මෙන්ම MICH කාන්තා කාර්යාංශයේ සභාපතිනිය සහ සාමාජිකාවන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු සිසුවියන්, දෙමාපියන් සහ විනිශ්චය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උත්සවයේ ස්තූති කතාව මුවර්ස් ඉස්ලාමීය සංස්කෘතික නිවහනේ දාවා (Da’wah) සහ ආගමික කමිටුවේ සභාපති එස්. මුහම්මද් ෂසුලි මහතා විසින් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here